සුභ සාධක සංගමය

දකුණු පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය



සුභ සාධක සංගමයේ ප්‍රධාන අරමුණු

1. මව/පියා/කලත්‍රයාගේ මව/පියා අභාවයකදී රු.10,000 ක දීමනාවක් දීම.
2. උපන්දිනය සඳහා තිළිණයක් ලබා දීම..
3. සාමාජිකයින් ආතතියෙන් මිදවීම සඳහා විනෝද චාරිකා, අලුත් අවුරුදු උත්සවය,ක්‍රීඩා උත්සව,දානමය හා පිරිත් පිංකම් ආදිය සිදු කිරීම.
4. වාර්ෂිකව ටී ෂර්ට්,සාරි,ග්‍රීන් බෑග් වැනි දෑ නොමිලයේ සාමාජිකයින් වෙත පිරිනැමීම.
5. පවතින ආර්ථික අර්බුදය හමුවේ ඔවුන්ට සහනයක් වීම සඳහා “අප වෙනුවෙන් අපි ” වැඩසටහන ක්‍රියාත්මක කිරීම මඟින් ඔවුන්ට ආර්ථිකව උපකාර වීම.



"අප වෙනුවෙන් අපි" වැඩසටහන

Team_image පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලයේ සුභ සාධක සංගමය හරහා එහි සාමාජිකයින්ට සහන මිළට විවිධ ද්‍රව්‍ය හා අනෙකුත් ද්‍රව්‍ය ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත. එම පාරිභෝගික ද්‍රව්‍ය අතරමැදියන්ගෙන් තොරව නිෂ්පාදකයන්ගෙන් ම මිළදී ගෙන සුභ සාධක සංගමයේ සාමාජිකයන් වෙත ලබාදීම මෙහි අරමුණ වේ.

අත්‍යවශ්‍ය කේෂ්ත්‍ර පරීක්ෂණ සඳහා දකුණු පළාත තුළ සංචාරය කෙරෙන අපගේ කැබ් රථ නැවත පැමිණෙන විට ඉහත ද්‍රව්‍ය ප්‍රවාහනය කර ගැනීමෙන් ලැබෙන ලාභයෙන් හා අතරමැදියන්ගෙන් තොරව නිෂ්පාදකයාගෙන්ම එම ද්‍රව්‍ය ලබා ගැනීමෙන් ලැබෙන ලාභයෙන් අඩක් පාරිභෝගිකයා වන සුභ සාධක සංගමයේ සාමාජිකයන්ටත් ඉතිරි අඩ සුභ සාධක සංගමයේ අරමුදල තර කර ගැනීමටත් යොදා ගැනීමට බලාපොරොත්තු වේ.

මෙහිදී ගුණාත්මක තත්වයෙන් ඉහළ පාරිභෝගික ද්‍රව්‍ය ලබා ගැනීම කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු කරයි.

වැඩිපුර පාරිභෝගික ද්‍රව්‍ය ලබා ගැනීමට අපට හැකි වුවහොත් එවැනි ගුණාත්මක බැවින් වැඩි පාරිභෝගික ද්‍රව්‍ය අපගේ සුභ සාධක සංගමය මඟින් , වෙනත් ආයතන වෙත ද සහන මිළකට ලබා දීමට අප බලාපොරොත්තු වේ. සුභ සාධක සංගමය මඟින් මිළදීගෙන සාමාජිකයන් වෙත ලබා දෙන අතර එම මාසයේම වැටුපෙන් ඔවුන්ගෙන් අය කර ගනී.

නිළධාරි මණ්ඩලය



Team_image

සභාපති

එල්.අයි.රාමනායක මයා

Team_image

ලේකම්

ඩී.පී.කෝකිලා මිය

Team_image

භාණ්ඩාගාරික

මිථිල අබේසිරිගුණවර්ධන මයා

Team_image

උප ලේකම්

පී.එච්.උදයමාලි මිය

Team_image

උප භාණ්ඩාගාරික

තීනූ ආරියසිංහ මෙය

කාරක සභාව

1.වයෝමා දන්තරායන මිය
2.ලලනි සමන්තා මිය
3.අචින්තා ලියනආරච්චි මිය
4.භාග්‍යා මදුශානි මිය
5.ඉසුරු උදයංග මයා
6.දක්ෂිකා ශ්‍යාමන්ති මිය
7.කේ.ජී.චන්ද්‍රසිරි මයා


සංවිධානය කළ වැඩසටහන්
image

අවුරුදු උත්සව සංවිධානය කිරීම.
image

දන්සැල් පැවැත්වීම.
image

පැදුරු සාජ්ජයක් පැවැත්වීම.
image

දානමය පිංකම් පැවැත්වීම.