දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ
සංකල්පයක්
එදා වැවයි දාගැබයි, ගමයි පන්සලයි අපේ සංස්කෘතිය විය. දාගැබ, ගම, පන්සලටත් පෙර කියවුනේ වැව විය. අපේ මුතුන්ම්ත්තන්ට වැව දාගැබ පන්සල කෙතරම් සමීප වී ද ? එදා වැව රැකුනේ වැව අපට බද්ධ වූ බැවිනි. අපි නෑවේ වැවේය. සෙල්ලම් කළේ වැව් ඉස්මත්තේය. සල්ලාපයේ යෙදුනේ වැව් බැම්ම මත හිඳය. එසේ වූ කල කාට නම් වැවට වින කළ හැකි වී ද? ජන සමාජයේ පත්ව ඇති සංකීර්ණත්වය හමු වේ අතීතයේ පරිදි ම වැව හා නිරන්තර ව බද්ධ ව සිටීමේ යථාර්තය තුළ තවදුරටත් රැඳී සිටීමට හැකියාවක් නොමැතිව තිබේ. එහෙත් අප කවුරුත් වැවට ඇලුම් කරමු. ලද විරාමයකදී වැව අසබඩ සෙවනකට සමීප විය හැකි නම් අප ඒ සඳහා යොමුවන්නේ සොම්නසිනි. අද අප එසේ වැව වෙත සමීප වන්නේ සංචාරකයකු පරිද්දෙනි. සංචාරක ව්‍යාපාරය පෙරදැරි කරගනිමින් නව සංකල්පය බිහි වන්නේ එලෙසිනි. අප බිහිකල ඒ නව සංකල්පය වාරිසෙවණයි !
වාරිසෙවණ තනන්නට අප මුලින් ම තෝරා ගත්තේ අංකොක්කාවල ජලාශයයි. අංකොක්කාවල ජලාශය තෝරා ගන්නට හේතු වූ විභවයන් ගණනාවක් තිබේ. අංකොක්කාවල වැව රක්ෂිතය ඇතුළු හාත්පස රජය සතු භූමියක් වීම, දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමට ඉතා සමීප ව පිහිටා තිබීම, ගොඩබිම පැත්තේ මුහුදු වෙරළට ආසන්න ව පිහිටා තිබීම, වැවට ආසන්න වටපිටාව සංචාරක ව්‍යාපාරය සඳහා තෝතැන්නක් වීම ඉන් ප්‍රධාන වේ. එමෙන් ම අතිශය නාගරික වටපිටාවක් සහිත ගාලු නගරයේ අතීතය අපට සිහි ගන්වන ග්‍රාමීය පරිස්ථිතියක් අංකොක්කාවල වැව අසබඩ පැවතීම වාරිසෙවණ සංකල්පය අංකොක්කාවල වැව පදනම් කර ගනිමින් ක්‍රියාත්මක කිරීම එහි තිරසාර බව රැක ගැනීම ට කදිම පිටිවහලක් වනු ඇත. අංකොක්කාවල වැව හා රක්ෂිතය ඇතුළුව වාරිසෙවණ ඉදිවන වපසරිය හැරුණු කොට ඉන් පරිභාහිර ව පවතින වැවෙහි පෝෂිත ප්‍රදේශය ද ඇතුළත් වන භූමිය රබර් වතු යායකින් යුක්ත වීම ද වාරිසෙවණ වඩාත් සුන්දර කිරීමට හේතු වනු ඇත.
වාරිසෙවණට ප්‍රවිෂ්ඨ වන සංචාරකයාගේ මුල් ම නෙත ගැටෙන තැන මෙතැනයි. වාරිසෙවණ අභ්‍යන්තරය කෙබඳුද යන හැඟීම දනවන පරිදි මෙම පිවිසුම නිර්මාණය කර ඇත. කුඩා එළිමහන් භෝජනාගාරයකින් සමන්විත වන පිවිසුම කුඹුක්, නා, මී වලින් සමන්විත වෘක්ෂලතාවන්ගෙන් සැරසී සංචාරකයාට කියා පාන්නේ ඔබ ඇතුළු වන්නේ හරිත පරිස්ථිතියකට බවයි.
නවමු සංකල්පයක් ලෙසින් වාරිසෙවණ ඉදිවෙන්නේ අපගේ වාරි ශිෂ්ඨාචාරයේ ශ්‍රී විභූතිය විදහා දැක්වෙන අයුරිනි. වාරිසෙවණ තුළ කෞතුකාගාරයක් ඉදිවන්නේ ඒ ශ්‍රී විභූතියේ නටඹුන් තැන්පත් කර තබනු සඳහායි. වර්තමානයේ යාන්ත්‍රික අධ්‍යාපනයක් වෙත යොමු වී සිටින නූතන සිසු දරුවන්ට වාරි ශිෂ්ඨාචාරයේ ඒ අතීත ශ්‍රී විභූතිය විඳ ගන්නට තෝතැන්නක් සපයා දීම මේ කෞතුකාගාරයේ ඉදිකිරිමේ අරමුණයි. සැබෑ වැවේ අංගයන් නිර්මාණය කරමින් මෙම කෞතුකාගාරය නැරඹීමට හැකි වන පරිදි වැව අසබඩ පසුබිමක මෙම කෞතුකාගාරය තැනීමට නියමිත ව තිබේ.
මේ පෙනෙන්නේ වැවෙන් බොහෝ ඈතට දිවෙන පෝෂක පෙදෙසින් ගලාන කුඩා ජල පහරවල් වැව වෙතට නිදැල්ලේ අවතීර්ණ වන අයුරුයි. වියළි කාලයේ දී පවා නොසිඳී වසර පුරා ගලා එන මෙම ජල පහරින් වැව සැමදා පෝෂණය කෙරෙන අතර වසර මුළුල්ලේ ම පාහේ වැව වාන් දමමින් තිබේ. වැව් බැම්ම හා පිටවාන ඔසවා වැවේ ජල ධාරිතාව වැඩිකර එහි සැබෑ සුන්දරත්වය වාරි සෙවණට ලබා දීම මෙහි තවත් අරමුණකි. සංචාරකයාට ඒ සුන්දරත්වය විඳගන්නට හැකි වන පරිදි වට පිටාව සකසන අයුරු මින් පිළිබිඹු කෙරේ.
පුරාතනයේ වැව රැුකුනේ කෙසේද යන්න පිළිබ`ද ගවේෂණාත්මක යොමු වීමක් සිදු කළ හොත් එය රැකුනේ කෙසේද යන්නත් දැන් එසේ නොකෙරෙන්නේ ඇයිද යන්නත් එසේ රැක ගැනුම වර්තමානයේ කළ හැක්කේ කෙබ`දු අයුරකින් ද යන්න ගවේෂණය කිරීමට පෙළඹවීමක් ඇති කරයි. එදා වැවයි දාගැබයි, ගමයි පන්සලයි අපේ සංස්කෘතිය විය. දාගැබ, ගම, පන්සලටත් පෙර කියවුනේ වැව විය. අපේ මුතුන්ම්ත්තන්ට වැව දාගැබ පන්සල කෙතරම් සමීප වී ද? එය අපගේම සංකල්පය විය. එදා වැව රැකුනේ වැව අපට බද්ධ වූ බැවිනි. අපි නෑවේ වැවේ ය. සෙල්ලම් කළේ වැව් ඉස්මත්තේ ය. සල්ලාපයේ යෙදුනේ වැව් බැම්ම මත හිදය. එසේ වූ කල කාට නම් වැවට වින කළ හැකි වී ද?
වාරිසෙවණ සංකල්පය ගැන වඩි දුර තොරතුරු ලබා ගැනීමට සහ ඔබගේ වටිනා අදහස් සහ යෝජනා ඉද්‍රිපත් කිරීම සඳහා පහත තොරතුරු භාවිතා කරන්න .