දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සම්බන්ධ තොරතුරු බිඳක් මෙහි දක්වා ඇත.

මෙම තොරතුරුවලට අමතරව යම් තොරතුරක් දෙපාර්තමේන්තුව සම්බන්ධව දැන ගැනීමට අවශ්‍ය නම් 091-2245176 දුරකථන අංකයෙන් හෝ කාර්යාල වේලාව තුළ දී පැමිණීමෙන් ලබා ගත හැක.

1 දෙපාර්තමේන්තු ප්‍රධානියා කවුරුන් ද ? පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ
Tel: 091-2245176 Extension No: 501
2 පළාත් වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරියා කවුරුන් ද? ප්‍රධාන වාර්මාර්ග ඉංජිනේරු
Tel: 091-2223206 Extension No: 502
3 පළාත් වාරිමාර්ග සම්බන්ධ ගැටළුවක් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට යොමු කරන්නේ කෙසේද?
  • මහජන දින (සඳුදා දින) කාර්යාල වෙලාව තුළදි හමු වීමෙන්.
  • "පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ", දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල යන ලිපිනයට ලිඛිතව එවීමෙන්.
  • 091-2245176 යන දුරකථන අංකයට කථා කිරීමෙන්.
4 ඔබගේ වාර්මාර්ග ගැටළුවක් ඉදිරිපත් කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කවරේ ද? ප්‍රථමයෙන්ම එම වාරි ගැටළුව අයත්වන දිස්ත්‍රික් කාර්යාලයට එම ගැටළුව ලිඛිතව දැන්වීම
ගාල්ල දිස්ත්‍රික්කයට අදාල ගැටළු  දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය,
අංක 213,
රිච්මන්ඩ් කන්ද පාර,
ගාල්ල.

මාතර දිස්ත්‍රික්කයට අදාල ගැටළු
 දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය, ගබඩා වීදිය, හක්මණ පාර, මාතර.

හම්බන්තොට දිස්ත්‍රික්කයට අදාල ගැටළු
 දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය,
02 වන මහළ,
මාගම් රුහුණුපුර පරිපාලන සංකිර්ණය,
සිරිබෝපුර,
හම්බන්තොට.

ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම්, පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලයට හෝ අමාත්‍යාංශයට ලිඛිතව යොමු කළ හැක.
 දෙපාර්තමේන්තුවේ ලිපිනය
දකුණු පළාත් වාරිමාර්ග දෙකාර්තමේන්තුව,
05 වන මහල,
දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල,
ගාල්ල.

 අමාත්‍යාංශයේ ලිපිනය
කෘෂිකර්ම වාරිමාර්ග අමාත්‍යාංශය,
04 වන මහල
දක්ෂිණපාය,
ලබුදූව,
ගාල්ල.

5 අප දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන ප්‍රධාන කාර්යන් i. පළාත තුළ පවතින වාරිමාර්ග ක්‍රම වඩාත් ඵලදායී අයුරින් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම.

ii. පළාත තුළ නව වාරිමාර්ග ක්‍රම වඩාත් ඵලදායී අයුරින් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම.

iii. වාරික්‍රම පුනරුත්ථාපනය, නඩත්තුව හා සංරක්ෂණය සඳහා ගොවි ජනතාවගේ සහභාගීත්වය ලබා ගැනීම.

iv. වාරි ක්‍රම, වාරි රක්ෂිත වලට හානි පමුණුවන පුද්ගලයින් නීතිය හමුවට පැමිණවීමට කටයුතු කිරීම, ඊට අදාළ චෝදනා පැමිණිලි කිරීම හා අභිචෝදනා ඉදිරිපත් කිරීම.

v. රක්ෂිත ප්‍ර‍දේශ සිතියම් ගත කිරීම හා ප්‍රකාශයට පත් කිරීම.

vi. වාරික්‍රම අබලන්වීම හා විනාශ වීමට තුඩුදෙන පාරිසරික හානි වැලැක්වීම, අවම කිරීම හා ඒ සඳහා පරිසර පද්ධතිය සංවර්ධනය කිරීම.

vii. ගංවතුර මඟින් සිදුවන හානි අවම කිරීම සඳහා නිර්මිත ඉදි කිරීම හා නඩත්තුව සඳහා අවශ්‍ය පියවර ගැනීම.

viii. කරදිය කුඹුරු බිම් කරා ගලා ඒම මඟින් සිදුවන හානි අවම කිරීම සඳහා නිර්මිත ඉදිකිරීම හා නඩත්තුව සඳහා අවශ්‍ය පියවර ගැනීම.

ix. වාරි පද්ධති සංවර්ධන කමිටු අධීක්ෂණය සඳහා නිලධාරීන් පත් කිරිම.

6 දෙපාර්තමේන්තුව සතු නීත්‍යානූකූල ආවරණය? “2019 අංක .......... දරණ දකුණු පළාත් වාරිමාර්ග ප්‍රඥාප්තිය”.
7 වාරිමාර්ග සම්බන්ධ වරදක් වන්නේ මොනවා ද? i. (අ) අවහිර කරනු ලැබීම.

a. (ආ) බාධා කරනු ලැබීම.

b. (ඇ) අනවසරයෙන් කොටු කරගනු ලැබීම.

c. (ඈ) බාධා කිරීමට හෝ කොටු කර ගැනීමට කටයුතු සැලැස්වීම.

d. (ඉ) රැස් කොට ඇති ජලය ඕනෑකමින් හෝ ද්වේශ සහගතව අපතේ හැරීමට කටයුතු කිරීම

e. (ඊ) ගස් කැපීම.

f. (උ) අනවසරයෙන් යම් ඉදිකිරීමක් සිදු කිරීම.

g. (ඌ) අනවසරයෙන් වගා කිරීම.

ii. යම් වැවකින්, ජලධාරා ප්‍රදේශයේ පිහිටි ඇලකින්, වාරි කර්මාන්තයකින්, ජල මාර්ගයකින්, බැම්මකින්, ඉවුරකින්, රක්ෂිතයකින්, වේල්ලකින් වැවක ප්‍ර‍වේශයකින් හෝ වාරි කර්මාන්ත සංවිතයකින් අවසරයකින් තොරව ඛනිජ පස් හෝ වැලි ඉවත් කිරීම හෝ ඉවත් කිරීමට සැලැස්වීම.

iii. යම් වාරිමාර්ගයකට, ඇලකට, ජල මාර්ගයකට, වාරි රක්ෂිතයකට, හෝ කුඹුරු ඉඩමකට අපද්‍රව්‍ය මුදා හැරීමට සැලැස්වීම හෝ ගලා යාමට ඉඩ හැරීම හෝ එසේ වන පරිදි වාහන , යන්ත්‍රෝපකරණ වැනි දෑ සේදීම.

iv. අධ්‍යක්ෂවරයාගේ ලිඛිත අවසරයමත සහ ඔහු විසින් නියම කරනු ලබන කොන්දේසි වලට යටත්ව මිස යම් ඇලක් කැනීම, වැවක් ඉදිකිරීම, නිර්මිත ඉදි කිරීම හෝ පවත්වාගෙන යාම.

v. යම් වාරිමාර්ගයකට, ඇලකට, ජල මාර්ගයකට, වාරි රක්ෂිතයකට, හානි සිදුවන සේ අයාලයේ සැරිසැරීමට හැකිවන පරිදි සතුන් මුදාහැරීම.

vi. පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ නිසි ලිඛිත අවසරයක් නොමැතිව වැව් තාවුල්ලෙහි වගා කටයුතු කිරීම.

vii. කන්න රැස්වීමේදී තීරණය කොට එකඟතාවයකට පැමිණි පසු ඊට පටහැනිව වී,වෙනත් වාරි භෝග හෝ අනවසරයෙන් බහු වාර්ෂික භෝග වගා කිරීම.

viii. යම් අයෙකුගේ වාරි අයිතිවාසිකම් වලට, අනිසි ලෙස බලපවත්වන සේ කටයුතු කිරීම

8 වාරිමාර්ග ඇලකට/ වැවකට මායිම් වන ඉඩමක ඉදිකිරීමක් සිදු කිරිම සඳහා අනුමැතිය ලබා ගත යුත්තේ කෙසේ ද?  ඉදිකීරීමට අදාල අනුමැතිය ලබා ගත යුත්තේ අදාල පළාත් පාලන ආයතනයෙන් වේ.

 එසේ අනුමැතිය ලබා දීමේ දී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබා ගත යුතුය.

9 එවැනි ඉදිකිරිමක් සදහා නිර්දේශ ලබා ගැනීමේදී ඉදිරිපත් කළ යුතු ලේඛන කවරේද?  නිර්දේශ ලබා ගැනීම සඳහා කරන ලද ඉල්ලීම් ලිපිය

 සුදුසුකම් ලත් අයකු විසින් සකස් කරන ලද ඉදිකිරීමට අදාල සැලසුම් පත් දෙකක්

 අදාල ඉඩමේ ඔප්පුව/ හිමිකම් පත (මුල් පිටපත/ ඡායා පිටපත)

 අදාල ඉඩමේ පළාත් පාලන ආයතනය අනුමත කරන ලද මිනින්දොරු පිටපත (මුල් පිටපත/ ඡායා පිටපත)

10 දෙපාර්තමේන්තුව හෝ එම නිලධාරීන් සම්බන්ධව පැමිණිලි සිදු කළ හැකි ආකාරය අමාත්‍යාංශ ලේකම් තුමා (ලිඛිතව/ වාචිකව)
 කෘෂිකර්ම වාරිමාර්ග අමාත්‍යාංශය ,
04 වන මහල,
දක්ෂිණපාය,
ලබුදූව

 Tel: 091-2247835




Right to Information